Posts

Showing posts from January, 2022

සුදු ආල මල

Image
                                      ...සුදු ආල මල... දින සති ගෙවී යනෙනා නමුත් මද පවන සේ මතකයේ දෙයැස තුළ එක් දිනක් හෝ නොපෙනී නොගියේ ය මනබැදි ඔබේ මතක රුව නොදුටුව ද හුඟ කලක සිට දිනපතා සිහිවේය ඔබේ ගුණ සුවඳ කඳ මඟතොටේ නෙතු ගැටෙන ඔබ ගතට සරි රුවක් දුටු විගස සිහිවන්නෙ මනබැන්ද ඔබය ප්‍රිය ඔබෙ යහළුකැළ අතර සෙවුවේය ඔය රුව ම මඟ බලා මාගෙනෙතු නොදුටුව ද ඔබේ රුව නැත වෛර කනස්සලු ඇති වූයේ කිසිදිනක, දිනෙන් දින පූදිනා සුදු ආල මල මිසක..                                           චලා හේරත් ...🖊️

ලන්සු කළ ජීවිතය

Image
                                    ... ලන්සු කළ ජීවිතය... තොරක් නොවු විභාග වෙහෙසකර වූ මනස සමාජය හා ගැටෙන්නට සිත්පිත් නැති ලෝකය බොහෝවිට ඇත්තේ කළු චරිත වැඩියෙන් ම නොගැළපෙන තැන් බෝලු කුලගෙය හොයන දියණියට අධ්‍යාත්මය අත්හැර  භාහිරය හා සොයයි කුලකුමරුවෙක් ඇයට මූලික අවශ්‍යත ඇත්නම්  සතුටසැනසුම  තේරුම්ගැනීම ද ඇති තැන නොවෙද සුදුසු ම තැන ගෙවන්නට ඉදිරි ජීවිතය නමුත් මිනිසුන් සොයන තැන උපාධිය, භවභෝග යස ඉසුරු නොදැනී ම සමවෙයි ජීවිතය ලන්සු කර ගත් කඳුලුවලට                                 චලා හේරත් ...🖊️

හෙටත් පවතින සුවඳ

Image
                                   ...හෙටත් පවතින සුවඳ... සිහින් සුළඟක් සෙමෙන් නැවතුන                                    ළඳළු පත් අතරේ නැවත යනවිට මන්ද අදිමද                                   හදෙහි බැදි සෙනෙහේ තවත් හමුවෙයි සුළඟෙ පෙරමඟ                                   නොයෙක් රුක් වනයේ එහෙත් සත්තයි හෙටත් පවතියි                                  සුවඳ පෙර දළුවේ...                                           චලා හේරත්...🖊️

නිහඩ පෙම

Image
                                                             ...නිහඩ පෙම... ඔබේ ගැන මතක ඇති පිවිතුරු වූ ඒ බිම දමා යන්නට හදාගන්නේ කෙසේදෝ මා මගේ හදවත නිහඩමයි තව තවත් නිහඩයි නමුත් එහි ඇති අරුත ගැඹුරුයි කෙදින හෝ වැටහුණිද ඔබහට නිහඩබව පැවසූ අරුම දෙය පිවිතුරුයි එය පූජිතයි තව.. නෙතඟ මුවඟද ගතපුරා ඇති එකම දෙයමයි නොකිය හැකි වූ එයයි මට දුක වැඩිපුරම තව ළංව ඇති සිප්හල් වියෝවට...                                             චලා හේරත් ...🖊️

තැබෑරුම

                                        .... තැබෑරුම...                                                 02 කොටස.           එදිනට පසු දින සෙනසුරාදා දිනයක් විය.කාංචනා බෝධි පූජාවක් පැවැත්වීම සඳහා යොදාගත්තේ මෙදා ය.ගුණපාල ගමේ ගෙවල් දෙක තුනකම ඇවිද මල්වට්ටි හත අටක් පිරෙන්න මල් සොයාගෙන ආවේ එහෙයිනි. අහස වැහි වළාකුළුවලින් බරව තිබිණි.කාංචනා සහ කාන්ති සවස බෝධි පූජාව පැවැත්වීමට පන්සලට ගිය ද ගුණපාල නිවසේ නතර විය.            බෝධිපූජාව අතරතුර යන්තම් පොදයක් වැටෙමින් තිබිණ. එනමුත් වැස්ස සැර වීමට පෙර බෝධිපූජාව සාර්ථකව නිමකර ගැනීමට ඔවුන්ට හැකිවිය.පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ කාංචනාගේ අතේ පිරිත්නූලක් ගැටගසා ඇයට ආශිර්වාද කළේය.          " ඒක නෙවෙයි කාන්ති උපාසක අම්මේ, අද මොකද මේ ගුණපාල උන්නැහේ ආවෙ නැත්තෙ."          " එයැයිට මේ දවස්වල කුඹුරෙ වැඩනෙ අපෙ හාමුදුරුවනේ, මහන්සියි කියලයි නෑවිත් හිටියෙ "         " ආ.... එහෙමද ? මං මේ බැලුවා උන්නැහෙ පන්සලට නාවෙ ඇයිද කියලා. "        " එහෙනම් අපේ හාමුදුරුවනේ අපි ගිහින් එන්නම්"      " හා හොඳයි ගිහින් එන්න.තෙරුවන් සරණයි! සුවපත

තැබෑරුම

                                 ....තැබෑරුම...                                                 01 කොටස        ගුණපාල ඉස්තෝප්පු බැම්මේ ඇන තියාගෙන පහළ වෙල දෙස තෙහෙට්ටුවෙන් පිරි කල්පනාකාරී ස්වරූපයෙන් බලා සිටියේය.කට්ට අවුවේ වැඩ කරමි සිට පැමිණි ඔහුගේ ඇස් නිලංකාර වී තිබිණි.ටොමියා ගුණපාල අසලට දුවගෙන විත් වලිගය නටව නටවා තෙත් වූ හොම්බෙන් ඔහුගේ කකුල ස්පර්ශ කරයි.නැවතත් පිටුපසට පැන කූං..කූං..යන කෙදිරිල්ල නගයි.      '' හ්ම්..හරි හරි පලයං ඉතිං අහකට '' ටොමියාගේ ලෙන්ගතුකම හොඳින් හඳුනන ගුණපාල උගේ හිසට තට්ටුවක් දමමින් කීවේය.      " ආ...ඔයා ආවද ? මං බැලුවා ටොමියා මේ              කෙදිරිගාන්නෙ කාටද කියලා "     ඉස්තෝප්පුවට ගොඩවෙමින් සිටි ගුණපාලගේ බිරිද කාන්ති පැවසීය.     "යාන්තම් ඇති ඕං පෙරේදා පටන්ගත්තු වල්ගැලවිල්ල අදින් අහවර වුණා.ඒකෙ වල් බුස්ස.නැමිලා ඉදල ම කොන්ද රිදෙනවා." ගොයම් පැල පරයා නැගෙමින් තිබූ වල්පැල ගලවා පැමිණි ගුණපාල සැනසුම් සුසුමක් හෙලමින් පවසයි.    "ඒක තමයි මේ සැරෙත් කිසිම වගතුවක් නැති පාටයි.අපි නිකම් මහන්සි වෙනවා විතරයි.ඒ කරලත් ගන්න වී බුසල් ටිකෙන් පංගු

පිය සෙනෙහස

Image
                                                      ..  පිය සෙනෙහස..           මෙරක් මෙන් දරු සෙනෙහෙ            හංගා පරක් මෙන් නොසැලී ම                   හුන්නා සිහිකරන් තම පුංචි                            බිළිදා  දාදි බිඳු හා පොරක්                           බැන්දා කියලා නෑ කිසිදාක                   වෙහෙසක් හයිය පපුගැබ                        දරාගැනුමක් හිතාගන්නත් බැහැනෙ                   අදටත් කෙලෙස කරනුද එවන්               කැපයක් තොරක් නොවනා පොළොවෙ      ගැටුමක වයස ගැනවත් නැහැනෙ             තැකුමක නිතර හදවතෙ ඇත්තෙ                  දරුදුක නොකීවට මට හැඟුණා         මොහොතක                                                          චලා හේරත් ...🖊️

කිරි දානය

Image
               __ කිරි දානය__ කුරුටු බලි ගෑ බිත්ති සැරසීලා සුදු පිරුවටෙන් දූලි තැවරුණ ජනෙල් කවුලුද දෙමින් නව දිස්නයක් විසිරි ගේ බඩු හැම අත නව පිළිවෙළක් දී අද ගෙමිදුලත් එන මඟත් එකලෙසට හැඩගෙන බක්මහේ කොවුල් බිජු පිපිරෙන කලක් නම් නොවේ මෙය කැවිලි පලතුරු සුවඳ පැතිරුණ ද දස අතම කෙළිමින් දුවන පැටවුනටද තහනම් ය එය ඉඳුලක්‍ ය සවස් වනවිට කූඩුවට බල්ලන් පමණක් නොව බළලුන් ද කිමද මෙතරම් පේවෙමින්  පිවිතුරු බවක් මේ ලෙස  හිරු නැගෙන්නත් පෙර පැමිණේලු පත්තිනි හෑල්ල කියන්නට මව්වරුන් සතක් කිරිදුන්                                      ...චලා හේරත් 🖊️

නොමළ පැතුම්

Image
  මන:කල්පිත මහදවනයෙහි උස්ව සැදු මහ ශිඛරයන් විසල් වූයේ මනසෙ පමණකි ශේෂ කන්දකි පියවියෙන් රෝස කැකුල ද සිහින මැවුවේ පුබුදු වන්නට සඳ කැනින් පමා නැත තව විය නොහැකි වෙද රෝස නොව සුදු කඩුපුලක්...                                                                                             චලා හේරත් 🖊️

නොකම්පිත යථාර්ථය

Image
  "ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව" අප එකම තැන වුව ද ගතවේය දිනෙන් දින වෙනස්වන කාලයට අනුගත ම විය යුතුය නමුත් එහි ඵල කිමද  ලෞකික වු ලෝකයේ සැමෙකක් ම අන්තයේ හටගන්නෙ දුකක්මයි සතුට නම් පවතිනුයෙ ස්වල්ප මොහොතක් පමණි මුළු දිවිය පුරාවට ඇත්තෙ සෝදුක් කඳුළු සිතන විට මේ දිවිය කලකිරෙයි මා සිතම මේ දුක්ඛ සාගරෙන් ගොඩබිමක් සොයාගත හැකි නොවෙද පුතුජනට මේ සියල් හැරදමා  යන්ට සිත් වේය මට ආරණ්‍ය සෙනසුනට ගොස් නිත්‍ය නොවන දෙය කල්පනා කොට මනස බණභාවනාදියෙන් සන්සුනෙන් සැනසුමෙන් ඉන්ට හැකි නම් මිදී මේ විසල් ඵලක් නැති  විසඝෝර සමාජෙන් එකෙකු හට වෛර කර කේළමින් රැහැනි කර ලත් සතොස කොයිබ වෙද මුළු මහත් ලෝ පිරිස උතුම් වූ දහම් මඟ අත්‍යන්ත නිර්මල වු බුදු හිමිගෙ මං පියස  ගමන් කළ හැකි දිනක්  ඉක්මනින් පිවිසෙ නම්, එයයි මා ලත් සතොස කිසි දිනක නොකම්පිත                                                චලා හේරත් 🖊️

ඔබෙ නමට සිතුවමක්

Image
             ශිෂ්‍යයාවක් තම දේශනයකට සම්බන්ධ වී සිටියි. ගුරුතුමා :- ළමයි ඒකට තමයි චිත්‍රයක් කියන්නෙ.අපිට  වචනයෙන් කියන්න පුලුවන් දෙයක් නම් වචනයෙන් කියනවා. එහෙම බැරි දේවල් කියන්න චිත්‍ර ශිල්පියා  පින්සල භාවිතා කරනවා.අපිට මේ චිත්‍රය දිහා බලලා පැහැදිලි අදහසක් ගන්න බැරිවුණ ත් දළ අදහසක් ගන්න පුලුවන්. සිත්තරාට කියන්න බැරි දේවල් පින්සල භාවිතයෙන් කරලා ප්‍රකාශ කරනවා.චිත්‍රය කියන්නෙ එක්තරා විටකදි සංකේතාත්මක භාෂාවක්.      ගුරුතුමා පැවසූ දෙයත් සමඟ ඈ අතීතයේ  සැබෑ අද්දැකීමකට ඇදී යයි.එය ඇගේම සිතුවමක් තම පෙම්වතාට පෙන්වා සිටි මොහොතකි. ඇය :- මං කලින් ඇන්ද චිත්‍රයක්, ලස්සනයි ද? ඔහු :- ඔව් ලස්සනයි 😊 ඇය :- දන්නවද? මං මේක දවසක් ඔයාට දෙන්න        හිතාගෙන ඇන්දෙ. ඔහු :- ආ එහෙමද?😁 ඇය:-  ඔව්.මතකද දවසක් ඔයා කිවුවා මෝස්තර චිත්‍රවලට තමයි ගොඩක් කැමති කියලා.අර.., මං බුදු පින්තූරයක් ඇදලා දුන්න දවසෙ. ඔහු :- ආ...!ඔව් මතකයි. ඇය :- ඉතිං මං ගෙදර ඇවිල්ලා ඕක ඔයාට දෙන්න තමයි ඇන්දෙ. ඒත් ඒක දෙන්න බැරිවුණා.   එවන්නත් හදලා ආය මොකුත් හිතයි කියලා නිකන් හිටියා. ඔහු :- එවන්නනෙ තිබුණෙ ඉතිං ඇය :- එතකොට අපි යාළුවෙලත් නෑ. ඕකෙ හතර පැත්තෙ

දෙවෙනි මව්පියෝ

Image
                     ජීවිතය නම් කුමක් දැන් යනු  පාවෙමින් මෙන් නොදැන ඇවිදපු අන්ධ වී ගිය දෙනෙත් තිබුණා හොඳින් පෙනුනත් හෙටක් නොදැකපු මීදුමෙන් බර වුණු ඉමක් මෙන් හාත්පස හරි හැටි නොවැටහුණු ශිල්ප දීලා නුවණ දැණුම ද පුදුම ලෙස හරි මඟට ගත්තූ ජීවිතය ගැන කියා දීලා හෙට දිනාපිය කියලා කියපූ සැර වුවත් ලෙන්ගතුයි එවදන් නුඹට පුලුවන් දිරිය ගැන් වූ යම් තැනක මා සිටින්නේ වෙද  යෝධ හිනිමන් ලෙසින් කැප වූ හරි සීරුවෙන් නොතේරුණ තැන් හරිම විදිහට පෙන්වමින් ඈත සිට උන් අද වුවත් ඇත  අපේ මඟ දැක තුටු සිතින් වූයෙ ඔවුනුයි දෙවෙනි මව්පියො හරිනු කෙලෙසද මතකයෙන් ළඟින් රැදිලා පිහිට වන්නේ වෙන කවුරු වෙද මේ ලෙසින්..                                             චලා හේරත් 🖊️                                           

බරැති සුසුම්

Image
ගොඩක් උන් හැඩුවාට දමා ගිය තතු කියා... අපි කදුලු සැලුවේ ම හෙට දිනය ගැන සිතා... එක්වෙන්න බැරිනිසා කාගෙවත් සිත් පෙළා.. අපි තාම තැවෙනවා අනේ මන්දා කියා...                                            අනුත්තරා චලනි..🖊️