Posts

Showing posts from November, 2021

වැසි පොදක්..

Image
නියඟ ලද සිත්විලට වැසිපොදක් සේ ඇවිදින් දියළුපස මතුපිට හරි ආදරයෙන් නුඹ පිරවූ නිල්දිය පොද මත නේක සුවදැති දියකුසුම් විකසිතවන අපූරුව...                                   චලා...🖊️

...සුදු අක්කේ..

Image
                           ...සුදු අක්කේ .. බහතෝරන කාලේ සිට කුකුළන් හඩලද්දී දිවුවේ ඔබෙ පැල්පත වෙත කෙළිළොල් සිත මැද්දේ නුඹෙ අම්මගෙ කිරිකොස් මාළුව මට රස වෙද්දී මළහිරු නැග ආවේ මගෙ දෙගුරුන් සැර වෙද්දී වෙල්යායේ,ගංගාවේ,පළතුරු ගස් අස්සේ ඔබේමතක තවමත් ඇත පැරණි සුවඳ අතරේ අප දිවගිය ඇළපාරේ කැලෑමලක් මැලවේ සිහිනයක් ද ඒ ඇසුණේ නෙත කඳුලින් බොදවේ සුදෝසුදු වතින් සැරසී ගුරුපාරෙන් ගිය ඒ කාලය දුරසට වූයේ අපි තව ලොකු වෙද්දී කලකට පසු දුරකතනෙන් යළි සමීප වෙද්දී සතුටුසිනා මැවුණා තව අපි දොඩමලු වෙද්දී ඇඹුල්ගහක සිට කපුටෙක් හඩලයි ළඟදීම ඔබ පැවසුවෙ එලෙසයි අපගේ යළි හමුවීම දුරකතනයෙ හඩ ඇසුණේ මළබෙරයක් සේම ඇයි උලලේනියෙ නුඹ හැඩුවේ ඇයගේ නමට දැවෙන සිරුරෙ වේදනාව කෙලෙසද ඉහිලූවේ කාන්දු වූ ගෑස්වලට කඳුළු දෝරෙ ගැලුවේ සංචරණය සීමා වූ කොළොම්පුරේ පොළොවේ මිහිදන් වූ බව දන්නෙත් අපි දිනකට පස්සේ නුඹ හින්දයි හැඩ වූයේ මගේ ළමාකල ම අදහන්නට බෑ තවමත් මේ සිදු වූ දෙය ම අහසේ සිට අත දීපන් දෙවිඳුනි ඇය වෙතට අවසන් පැතුමයි සුදු අක්කේ නුඹගේ නමට                                    H.M.අනුත්තරා චලනි