Posts

Showing posts from July, 2023

උත්පලා

Image
  පාත්‍ර වර්ගයා උත්පලා                 - ප්‍රධාන චරිතය අනුරුද්ධ               - උත්පලාගේ පෙම්වතා චන්ද්‍රලේඛා           - උත්පලාගේ මෑණියන් උපාලි                     - උත්පලාගේ පියාණන් නන්දිය                  - උත්පලාගේ ස්වාමියා කෝසල                 - නන්දියගේ මිතුරා සාමා                      - උත්පලාගේ සේවිකාව පළමු අංකය සූත්‍රධර:-දඹදිව් තලයේ උදේනි නුවරෙක සඳලෙක හා උපාලි සිටු දාවට ඉපදුණි රූමත් දියණිය උත්පල   බැබලෙති සඳ ලෙස ඇය නුවණින් වුව තමගෙයි සිටිනා එකම දියණියව පාවා දෙන්නට මාපිය අදහස කුලවත් ධනවත් කෙනෙකිය සුපතල එයමය දෙදෙනගෙ පැතුමන් සැමදින උත්පලා:- (කල්පනා කරමින් සිට) සිටියොත් යෙහෙකිය මා හට පෙම්බර අවංක හා මා තේරුම් ගතහැකි වේනම් තරුණෙකු අවංක මාහට එයමගෙ පැතුමයි තරුණෙකු සුන්දර සූත්‍රධර:- ගතවනවිට දින සතියෙන් කල්ගත පෙම්වත හමුවිය කුමරිට පැතුලෙස මාපිය පැතුමට සරි නැති වුව එය ආලය පැවතුණි නොඅඩුව නොවඉඩ උපාලි:- ( උත්පලාව අමතා) අසනුය දියණිය ඔබ විය වැඩිවිය යෙහෙකිය දැන් අත ගැණුමට කුමරෙක ඔබහට සෙයුලෙස ධනවත් කුමරෙක අපහට හමුවිය වෙළෙදෙකු සුපතල චන්ද්‍රලේඛා:- නන්දිය නම් වේ ඔහුගේ