Posts

Showing posts from March, 2022
Image
  මල්සිහින සිත මැවුණ ඔබට හුරු මාවතේ මල් රැගෙන පුදට යමු පැතු පැතුම් බොඳ වී වැව්සිසිල විදගන්න දෑත් ළං නොවුණත් තව පිපෙලු ලස්සනට රොබරෝසියා නම්             🖊️චලා හේරත් ❤             

යදම් බන්ධන

Image
  දුටු විටම රුව නෙතෙහි බැදුණු කලක් ගොස් සිත් සිතින් බැදුණු නෙතින් පමණක් හැඟුම් පැවසූ කලක් තිබුණා මතක රස වූ හදවතට මුල් තැනක් දුන්නූ නැතුව ඉන්නට බැරිව ලතැවූ නොගැළපුණු තැන් සෙමෙන් ගැළපූ දම්වැලක් එය සෙමෙන් ඇමිණූ හෙට ලොවක් ගැන එකට සිතපූ සැලසුමින් රැය පහන් කරපූ ගව්ගනක් දුර දුරින් සිටියත් සිතට ළඟ වෙන කෙනෙක් නැති වූ ස්වරය නොඇසුණ පෝය දෙක තුන ගෙවී යන්නැති දුරක් නොදැනිම හරිම පුදුමයි ඔබට මතකද කදුළු හංගන් පෙමට කැපවුණ රන්හුයෙන් එක්වන්න බැරිවුව සිත් බැදී ඇත යදම් බන්ධන ඉතිං කෙළෙසක තනිව යන්නද මගේ හෙටදින තනා ගැනුමට එකට එක්වී ආව මාවත නොහැක තනියම දමා යන්නට කෙනෙකු එයි මගෙ හිඩැස් පිරුමට එතෙක් ඉන්නම් ළඟට වී මම..                                                       🖊️ චලා හේරත්