හීන් හිරිකඩ වැටෙන වැස්සෙත් ල ස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා
Posts
සරසවි ගමන
- Get link
- Other Apps
සරසවි ගමන කුටුම්භය තුළ කොටු වු වසර දෙක හමාරව දිනක් එළඹුණා නොවැ පියඹන්න සවි බිමට සරසවිය සවිය කොට හෙට දිනය දිනවන්න රැළේ සිත් සතන් තුළ තිබුණාය දිලි සිහින දෙගුරුන්ගෙ අත අතැර එන විටදි නවබිමට කඳුලු කැට දඟකරේ ඒ සෙනෙහෙ සිහිපත්ව මව් ඇකයෙ මෙන් නොවේ හුරුවුණා තනිව වැඩ පීඩනය දුරලන්න පවුර වුණෙ සවිමත් ම දුකසැපේ ළඟින් සිටි සොයුරු සොයුරන් කැළ ය ජීවිතයෙ ගැඹුරුබව ටිකෙන් ටික දැනෙන විට අත්තිවාරම වුණේ සබරෙ මව් පෙම් බැන්ද තැලෙනවා හැදෙනවා යකඩයක් මෙන් අරුම හෙට දිනයෙ වේවි අප තියුණු සවිමත් අවිය චලා...
යදම් බන්ධන
- Get link
- Other Apps
දුටු විටම රුව නෙතෙහි බැදුණු කලක් ගොස් සිත් සිතින් බැදුණු නෙතින් පමණක් හැඟුම් පැවසූ කලක් තිබුණා මතක රස වූ හදවතට මුල් තැනක් දුන්නූ නැතුව ඉන්නට බැරිව ලතැවූ නොගැළපුණු තැන් සෙමෙන් ගැළපූ දම්වැලක් එය සෙමෙන් ඇමිණූ හෙට ලොවක් ගැන එකට සිතපූ සැලසුමින් රැය පහන් කරපූ ගව්ගනක් දුර දුරින් සිටියත් සිතට ළඟ වෙන කෙනෙක් නැති වූ ස්වරය නොඇසුණ පෝය දෙක තුන ගෙවී යන්නැති දුරක් නොදැනිම හරිම පුදුමයි ඔබට මතකද කදුළු හංගන් පෙමට කැපවුණ රන්හුයෙන් එක්වන්න බැරිවුව සිත් බැදී ඇත යදම් බන්ධන ඉතිං කෙළෙසක තනිව යන්නද මගේ හෙටදින තනා ගැනුමට එකට එක්වී ආව මාවත නොහැක තනියම දමා යන්නට කෙනෙකු එයි මගෙ හිඩැස් පිරුමට එතෙක් ඉන්නම් ළඟට වී මම.. 🖊️ චලා හේරත්