Get link Facebook Twitter Pinterest Email Other Apps November 17, 2022 හීන් හිරිකඩ වැටෙන වැස්සෙත්ලස්සනක් නම් පෙනෙනවා මේඝයට පෙම් බැන්ද කුමරිගෙ පහුවදා ඇඟ ගැහෙනවා මුවෙහි සිනහව ගතෙහි හිරිගඩු මොහොතකට මඟහරිනවා නමුත් අවසන ළබැදි ප්‍රේමෙ ම දුකට හේතුන් සදනවා Get link Facebook Twitter Pinterest Email Other Apps Comments නමියගෙ වීදිය19 November 2022 at 22:25✍️❤️........ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
සරසවි ගමන June 04, 2022 සරසවි ගමන කුටුම්භය තුළ කොටු වු වසර දෙක හමාරව දිනක් එළඹුණා නොවැ පියඹන්න සවි බිමට සරසවිය සවිය කොට හෙට දිනය දිනවන්න රැළේ සිත් සතන් තුළ තිබුණාය දිලි සිහින දෙගුරුන්ගෙ අත අතැර එන විටදි නවබිමට කඳුලු කැට දඟකරේ ඒ සෙනෙහෙ සිහිපත්ව මව් ඇකයෙ මෙන් නොවේ හුරුවුණා තනිව වැඩ පීඩනය දුරලන්න පවුර වුණෙ සවිමත් ම දුකසැපේ ළඟින් සිටි සොයුරු සොයුරන් කැළ ය ජීවිතයෙ ගැඹුරුබව ටිකෙන් ටික දැනෙන විට අත්තිවාරම වුණේ සබරෙ මව් පෙම් බැන්ද තැලෙනවා හැදෙනවා යකඩයක් මෙන් අරුම හෙට දිනයෙ වේවි අප තියුණු සවිමත් අවිය චලා... Read more
කිරිමුහුද හා සඳමඩල September 04, 2022 හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං චලා.... Read more
වසන්තය නම්.. October 19, 2022 හැමදාම නො දකින පහන්තරුව සඳසාවි හා එක්ව කොමල කරන අපූරුව ... කිසිදාක සිදුවේද වසත්කල ආලමල් ශීතයෙත් පිපෙන බව, විහිදා සුවැති රැස් දහර සදසාව ළයෙහි හොවමින උණුසුම් වු නිමේෂය පහදා දෙන්නේ අනෙකක් නොව, වසන්තය නම් නුඹ ම පමණක් බව _අප්පි_ Read more
✍️❤️........
ReplyDelete