සුදු ආල මල

   

                                 ...සුදු ආල මල...




දින සති ගෙවී
යනෙනා නමුත් මද පවන සේ
මතකයේ දෙයැස තුළ
එක් දිනක් හෝ
නොපෙනී නොගියේ ය
මනබැදි ඔබේ මතක රුව
නොදුටුව ද හුඟ කලක සිට
දිනපතා සිහිවේය
ඔබේ ගුණ සුවඳ කඳ
මඟතොටේ නෙතු ගැටෙන
ඔබ ගතට සරි රුවක්
දුටු විගස සිහිවන්නෙ
මනබැන්ද ඔබය ප්‍රිය
ඔබෙ යහළුකැළ අතර
සෙවුවේය ඔය රුව ම
මඟ බලා මාගෙනෙතු
නොදුටුව ද ඔබේ රුව
නැත වෛර කනස්සලු
ඇති වූයේ කිසිදිනක,
දිනෙන් දින පූදිනා
සුදු ආල මල මිසක..

                
                         චලා හේරත් ...🖊️



Comments

  1. හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
    එසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!

    අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

තැබෑරුම