කිරි දානය

               __කිරි දානය__




කුරුටු බලි ගෑ බිත්ති

සැරසීලා සුදු පිරුවටෙන්

දූලි තැවරුණ ජනෙල් කවුලුද

දෙමින් නව දිස්නයක්

විසිරි ගේ බඩු හැම අත

නව පිළිවෙළක් දී අද

ගෙමිදුලත් එන මඟත්

එකලෙසට හැඩගෙන

බක්මහේ කොවුල් බිජු

පිපිරෙන කලක් නම් නොවේ මෙය

කැවිලි පලතුරු සුවඳ

පැතිරුණ ද දස අතම

කෙළිමින් දුවන පැටවුනටද

තහනම් ය එය ඉඳුලක්‍ ය

සවස් වනවිට කූඩුවට

බල්ලන් පමණක් නොව බළලුන් ද

කිමද මෙතරම් පේවෙමින් 

පිවිතුරු බවක් මේ ලෙස 

හිරු නැගෙන්නත් පෙර පැමිණේලු

පත්තිනි හෑල්ල කියන්නට

මව්වරුන් සතක් කිරිදුන්


                                     ...චලා හේරත් 🖊️

























Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

තැබෑරුම