Posts

කිරිමුහුද හා සඳමඩල

Image
  හිත දවන ගිනියමෙහි අසීමිත සහනයක් ගෙනෙන පුර හඳමඩල මෙතරන්ම ඇයි දුරක් කිරිමුහුදෙ එපුරහඳ ගිලේ යැයි ආදරෙන් පෝදාට පසු දිනත් සයුරුතොමො මඟබලත් නොආවත් සනසන්න හැමදාම සයුරුමං මෝදු වෙන බව දනිමි යම් දිනක නුඹ ඉතිං                       චලා....

සරසවි ගමන

  සරසවි ගමන කුටුම්භය තුළ කොටු වු වසර දෙක හමාරව දිනක් එළඹුණා නොවැ පියඹන්න සවි බිමට සරසවිය සවිය කොට හෙට දිනය දිනවන්න රැළේ සිත් සතන් තුළ තිබුණාය දිලි සිහින දෙගුරුන්ගෙ අත අතැර එන විටදි නවබිමට කඳුලු කැට දඟකරේ ඒ සෙනෙහෙ සිහිපත්ව මව් ඇකයෙ මෙන් නොවේ හුරුවුණා තනිව වැඩ පීඩනය දුරලන්න පවුර වුණෙ සවිමත් ම දුකසැපේ ළඟින් සිටි සොයුරු සොයුරන් කැළ ය ජීවිතයෙ ගැඹුරුබව ටිකෙන් ටික දැනෙන විට අත්තිවාරම වුණේ සබරෙ මව් පෙම් බැන්ද තැලෙනවා හැදෙනවා යකඩයක් මෙන් අරුම හෙට දිනයෙ වේවි අප තියුණු සවිමත් අවිය                                          චලා...                                
Image
  මල්සිහින සිත මැවුණ ඔබට හුරු මාවතේ මල් රැගෙන පුදට යමු පැතු පැතුම් බොඳ වී වැව්සිසිල විදගන්න දෑත් ළං නොවුණත් තව පිපෙලු ලස්සනට රොබරෝසියා නම්             🖊️චලා හේරත් ❤             

යදම් බන්ධන

Image
  දුටු විටම රුව නෙතෙහි බැදුණු කලක් ගොස් සිත් සිතින් බැදුණු නෙතින් පමණක් හැඟුම් පැවසූ කලක් තිබුණා මතක රස වූ හදවතට මුල් තැනක් දුන්නූ නැතුව ඉන්නට බැරිව ලතැවූ නොගැළපුණු තැන් සෙමෙන් ගැළපූ දම්වැලක් එය සෙමෙන් ඇමිණූ හෙට ලොවක් ගැන එකට සිතපූ සැලසුමින් රැය පහන් කරපූ ගව්ගනක් දුර දුරින් සිටියත් සිතට ළඟ වෙන කෙනෙක් නැති වූ ස්වරය නොඇසුණ පෝය දෙක තුන ගෙවී යන්නැති දුරක් නොදැනිම හරිම පුදුමයි ඔබට මතකද කදුළු හංගන් පෙමට කැපවුණ රන්හුයෙන් එක්වන්න බැරිවුව සිත් බැදී ඇත යදම් බන්ධන ඉතිං කෙළෙසක තනිව යන්නද මගේ හෙටදින තනා ගැනුමට එකට එක්වී ආව මාවත නොහැක තනියම දමා යන්නට කෙනෙකු එයි මගෙ හිඩැස් පිරුමට එතෙක් ඉන්නම් ළඟට වී මම..                                                       🖊️ චලා හේරත්

සුදු ආල මල

Image
                                      ...සුදු ආල මල... දින සති ගෙවී යනෙනා නමුත් මද පවන සේ මතකයේ දෙයැස තුළ එක් දිනක් හෝ නොපෙනී නොගියේ ය මනබැදි ඔබේ මතක රුව නොදුටුව ද හුඟ කලක සිට දිනපතා සිහිවේය ඔබේ ගුණ සුවඳ කඳ මඟතොටේ නෙතු ගැටෙන ඔබ ගතට සරි රුවක් දුටු විගස සිහිවන්නෙ මනබැන්ද ඔබය ප්‍රිය ඔබෙ යහළුකැළ අතර සෙවුවේය ඔය රුව ම මඟ බලා මාගෙනෙතු නොදුටුව ද ඔබේ රුව නැත වෛර කනස්සලු ඇති වූයේ කිසිදිනක, දිනෙන් දින පූදිනා සුදු ආල මල මිසක..                                           චලා හේරත් ...🖊️

ලන්සු කළ ජීවිතය

Image
                                    ... ලන්සු කළ ජීවිතය... තොරක් නොවු විභාග වෙහෙසකර වූ මනස සමාජය හා ගැටෙන්නට සිත්පිත් නැති ලෝකය බොහෝවිට ඇත්තේ කළු චරිත වැඩියෙන් ම නොගැළපෙන තැන් බෝලු කුලගෙය හොයන දියණියට අධ්‍යාත්මය අත්හැර  භාහිරය හා සොයයි කුලකුමරුවෙක් ඇයට මූලික අවශ්‍යත ඇත්නම්  සතුටසැනසුම  තේරුම්ගැනීම ද ඇති තැන නොවෙද සුදුසු ම තැන ගෙවන්නට ඉදිරි ජීවිතය නමුත් මිනිසුන් සොයන තැන උපාධිය, භවභෝග යස ඉසුරු නොදැනී ම සමවෙයි ජීවිතය ලන්සු කර ගත් කඳුලුවලට                                 චලා හේරත් ...🖊️

හෙටත් පවතින සුවඳ

Image
                                   ...හෙටත් පවතින සුවඳ... සිහින් සුළඟක් සෙමෙන් නැවතුන                                    ළඳළු පත් අතරේ නැවත යනවිට මන්ද අදිමද                                   හදෙහි බැදි සෙනෙහේ තවත් හමුවෙයි සුළඟෙ පෙරමඟ                                   නොයෙක් රුක් වනයේ එහෙත් සත්තයි හෙටත් පවතියි                                  සුවඳ පෙර දළුවේ...                                           චලා හේරත්...🖊️