සරසවි ගමන
සරසවි ගමන
කුටුම්භය තුළ කොටු වු
වසර දෙක හමාරව
දිනක් එළඹුණා නොවැ
පියඹන්න සවි බිමට
සරසවිය සවිය කොට
හෙට දිනය දිනවන්න
රැළේ සිත් සතන් තුළ
තිබුණාය දිලි සිහින
දෙගුරුන්ගෙ අත අතැර
එන විටදි නවබිමට
කඳුලු කැට දඟකරේ
ඒ සෙනෙහෙ සිහිපත්ව
මව් ඇකයෙ මෙන් නොවේ
හුරුවුණා තනිව වැඩ
පීඩනය දුරලන්න
පවුර වුණෙ සවිමත් ම
දුකසැපේ ළඟින් සිටි
සොයුරු සොයුරන් කැළ ය
ජීවිතයෙ ගැඹුරුබව ටිකෙන් ටික දැනෙන විට
අත්තිවාරම වුණේ සබරෙ මව් පෙම් බැන්ද
තැලෙනවා හැදෙනවා යකඩයක් මෙන් අරුම
හෙට දිනයෙ වේවි අප
තියුණු සවිමත් අවිය
චලා...
සරසවි ගමන... 🙏🌹❤️. දිගටම ලියන්න
ReplyDeleteබොහොම ස්තුතියි 🥰❤️
Delete