යදම් බන්ධන

 



දුටු විටම රුව නෙතෙහි බැදුණු
කලක් ගොස් සිත් සිතින් බැදුණු
නෙතින් පමණක් හැඟුම් පැවසූ
කලක් තිබුණා මතක රස වූ

හදවතට මුල් තැනක් දුන්නූ
නැතුව ඉන්නට බැරිව ලතැවූ
නොගැළපුණු තැන් සෙමෙන් ගැළපූ
දම්වැලක් එය සෙමෙන් ඇමිණූ

හෙට ලොවක් ගැන එකට සිතපූ
සැලසුමින් රැය පහන් කරපූ
ගව්ගනක් දුර දුරින් සිටියත්
සිතට ළඟ වෙන කෙනෙක් නැති වූ

ස්වරය නොඇසුණ පෝය දෙක තුන
ගෙවී යන්නැති දුරක් නොදැනිම
හරිම පුදුමයි ඔබට මතකද
කදුළු හංගන් පෙමට කැපවුණ

රන්හුයෙන් එක්වන්න බැරිවුව
සිත් බැදී ඇත යදම් බන්ධන
ඉතිං කෙළෙසක තනිව යන්නද
මගේ හෙටදින තනා ගැනුමට

එකට එක්වී ආව මාවත
නොහැක තනියම දමා යන්නට
කෙනෙකු එයි මගෙ හිඩැස් පිරුමට
එතෙක් ඉන්නම් ළඟට වී මම..


                                                      🖊️ චලා හේරත්



Comments

Post a Comment

Popular posts from this blog

උත්පලා

පක්ෂපාතීත්වය

තැබෑරුම