නිහඩ පෙම

                       

                                    ...නිහඩ පෙම...



ඔබේ ගැන මතක ඇති
පිවිතුරු වූ ඒ බිම
දමා යන්නට හදාගන්නේ
කෙසේදෝ මා මගේ හදවත

නිහඩමයි තව තවත් නිහඩයි
නමුත් එහි ඇති අරුත ගැඹුරුයි
කෙදින හෝ වැටහුණිද ඔබහට
නිහඩබව පැවසූ අරුම දෙය

පිවිතුරුයි එය පූජිතයි තව..

නෙතඟ මුවඟද ගතපුරා ඇති
එකම දෙයමයි නොකිය හැකි වූ
එයයි මට දුක වැඩිපුරම තව
ළංව ඇති සිප්හල් වියෝවට...



                                            චලා හේරත් ...🖊️




Comments

Post a Comment