නොකම්පිත යථාර්ථය
"ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව"
අප එකම තැන වුව ද
ගතවේය දිනෙන් දින
වෙනස්වන කාලයට
අනුගත ම විය යුතුය
නමුත් එහි ඵල කිමද
ලෞකික වු ලෝකයේ
සැමෙකක් ම අන්තයේ
හටගන්නෙ දුකක්මයි
සතුට නම් පවතිනුයෙ
ස්වල්ප මොහොතක් පමණි
මුළු දිවිය පුරාවට
ඇත්තෙ සෝදුක් කඳුළු
සිතන විට මේ දිවිය
කලකිරෙයි මා සිතම
මේ දුක්ඛ සාගරෙන්
ගොඩබිමක් සොයාගත
හැකි නොවෙද පුතුජනට
මේ සියල් හැරදමා
යන්ට සිත් වේය මට
ආරණ්‍ය සෙනසුනට
ගොස් නිත්‍ය නොවන දෙය
කල්පනා කොට මනස
බණභාවනාදියෙන්
සන්සුනෙන් සැනසුමෙන්
ඉන්ට හැකි නම් මිදී
මේ විසල් ඵලක් නැති
විසඝෝර සමාජෙන්
එකෙකු හට වෛර කර
කේළමින් රැහැනි කර
ලත් සතොස කොයිබ වෙද
මුළු මහත් ලෝ පිරිස
උතුම් වූ දහම් මඟ
අත්‍යන්ත නිර්මල වු
බුදු හිමිගෙ මං පියස
ගමන් කළ හැකි දිනක්
ඉක්මනින් පිවිසෙ නම්,
එයයි මා ලත් සතොස
කිසි දිනක නොකම්පිත
චලා හේරත් 🖊️
නොතේරෙන යතාර්ථයක් ඕකම තමයි නේ.
ReplyDeleteලස්සණයි..!
ඒක ඇත්ත,
Deleteබොහොම ස්තුතියි 😊