ලන්සු කළ ජීවිතය
...ලන්සු කළ ජීවිතය...
තොරක් නොවු විභාග
වෙහෙසකර වූ මනස
සමාජය හා ගැටෙන්නට
සිත්පිත් නැති ලෝකය
බොහෝවිට ඇත්තේ
කළු චරිත වැඩියෙන් ම
නොගැළපෙන තැන් බෝලු
කුලගෙය හොයන දියණියට
අධ්‍යාත්මය අත්හැර
භාහිරය හා සොයයි
කුලකුමරුවෙක් ඇයට
මූලික අවශ්‍යත ඇත්නම්
සතුටසැනසුම
තේරුම්ගැනීම ද
ඇති තැන
නොවෙද සුදුසු ම තැන
ගෙවන්නට ඉදිරි ජීවිතය
නමුත් මිනිසුන් සොයන තැන
උපාධිය, භවභෝග යස ඉසුරු
නොදැනී ම සමවෙයි ජීවිතය
ලන්සු කර ගත් කඳුලුවලට
චලා හේරත් ...🖊️
🥺♥️
ReplyDelete🥰♥️
Delete👍😍
ReplyDelete🥰♥️
Delete