දෙවෙනි මව්පියෝ

                    



ජීවිතය නම් කුමක් දැන් යනු 
පාවෙමින් මෙන් නොදැන ඇවිදපු
අන්ධ වී ගිය දෙනෙත් තිබුණා
හොඳින් පෙනුනත් හෙටක් නොදැකපු
මීදුමෙන් බර වුණු ඉමක් මෙන්
හාත්පස හරි හැටි නොවැටහුණු

ශිල්ප දීලා නුවණ දැණුම ද
පුදුම ලෙස හරි මඟට ගත්තූ
ජීවිතය ගැන කියා දීලා
හෙට දිනාපිය කියලා කියපූ
සැර වුවත් ලෙන්ගතුයි එවදන්
නුඹට පුලුවන් දිරිය ගැන් වූ
යම් තැනක මා සිටින්නේ වෙද 
යෝධ හිනිමන් ලෙසින් කැප වූ

හරි සීරුවෙන් නොතේරුණ තැන්
හරිම විදිහට පෙන්වමින්
ඈත සිට උන් අද වුවත් ඇත 
අපේ මඟ දැක තුටු සිතින්
වූයෙ ඔවුනුයි දෙවෙනි මව්පියො
හරිනු කෙලෙසද මතකයෙන්
ළඟින් රැදිලා පිහිට වන්නේ
වෙන කවුරු වෙද මේ ලෙසින්..


                                            චලා හේරත් 🖊️


                                          


Comments

  1. හරිම ලස්සනයි 🔥✍️😍

    ReplyDelete
  2. ලස්සයී..........💙💙💙

    ReplyDelete
  3. ලස්සනයි 🧡

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පක්ෂපාතීත්වය

කිරිමුහුද හා සඳමඩල